Narcos: Mexico (2018-2021)
Narcos: Mexico
Crime | Drama
♥ MDb 8.4/10
🍅 Rotten Tomatoes 85%
📄 Metacritic 80%
👍 Google Users 93%
මේ තමා Latin American Drug Trafficking Universe එකේ තුන්වෙනි ටීවී සීරීස් එක 😉 තුනම නෙට්ෆ්ලික්ස් ලගෙන්...Narcos,El Chapo,Narcos: Mexico
මේ සීරීස් එකෙත් අනික් සීරීස් දෙකේ වගේම හැම සිද්ධියක්ම වගේ සත්‍ය සිදුවීම්...නාට්‍යමය ස්වරූපයක් දෙන්න ඕනි නිසා පොඩි වෙනස්කිරීම් එක්ක තමා එලියට එන්නේ...
Mexican Drug Lord El Padrino කියලා හඳුන්වපු Miguel Ángel Félix Gallardo ගේ චරිතයට ඉන්නේ ගොඩක් අය දන්න කෙනෙක් වෙන Diego Luna... මේ සිද්ධීන් එලි කරවන්න මූලිකත්වය ගත්ත DEA ඒජන්ට් කෙනෙක් වුණ Kiki Camarena ට ඉන්නේ Michael Pena 😉
නෙට්ෆ්ලික්ස් ලා මෙක්සිකෝවේ 80 දශකය සෑහෙන්න ලස්සනට 99.9%ක්ම ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා 😍 අර එකම එක 0.1% තමා S01E04 Kiki, Rafa ව හොයන් යන වෙලාවේ Calderoni එක්ක කාර් එකේ යද්දි වම් පැත්තෙන් සුදු පාට අලුත්ම වෑන් එකක් යනවා...හයිඒස් වගේ එකක්...80 ගණන් වල කොහෙන්ද හයිඒස් 😑 මේක වෙන්නේ 27 වෙනි විනාඩියේ 42 වෙනි තප්පරේ ඉදන්... 28 වෙනි විනාඩිය වගේ වෙනකන් 21 වන සියවසේ වාහන ගොඩාක් පාර දෙපැත්තේ පේනවා... 😌
අවසානෙටම කියනවා නම් පට්ටම සීරීස් එකක්.....
***Spoiler Warning***
Story-
ලංකාවේ පොල් ත්‍රිකෝණය වගේ මෙක්සිකෝවේ 70,80 දශක වෙනකොට මත්ද්‍රව්‍ය ත්‍රිකෝණය විදියට හැඳින්වුණේ Sinalona,Durango,Chihuahua..
Miguel Ángel Félix Gallardo කියන්නේ Sinalona වල මර්ජුවානා බිස්නස් කරන ඒ අතරේ පොලීසියෙත් වැඩ කරන එක්කෙනෙක්...
කඳුකර වල තේ වතු වගේ මර්ජුවානා වවලා තියෙනවා...මේ කාලෙදි මෙක්සිකෝවේ හමුදාව යොදාගෙන වැටලීම් වගයක් දියත් වෙනවා...මේ නිසා ලොකු හානියක් වෙනවා මෙයාලගේ ව්‍යාපාර වලට..
පස්සේ Miguel,Rafa,Neto තුන් දෙනා Guadalajara වලට ඇවිත් එහේ පාලනය ගෙනියන Naranjo සහෝදරයන් ගෙන් බලය අල්ලගන්නවා...මේ වෙනුවෙන් DFS එකට කප්පම් ගෙවන්න වෙනවා මාසිකව.. Directorate of Federal Security a.k.a DFS කියන්නේ මෙක්සිකෝවේ නිල ලත් පාතාලය..පසුබිම් කථනයේ එක තැනක කියනවා "Carrying a DFS badge was a license to whatever the fuck you wanted" කියලා.හිතාගන්න පුලුවන් නෙහ් එයාලගේ බලය ගැන 😂
මේ අතරේ Miguel විසින් Guadalajara Cartel එක පිහිටුවන්න තමන්ගේ නායකයා වෙන Pedro Aviles ට සහාය වෙනවා... අහල පහල හැම Plaza එකකම පාලනය කරන අයව ගෙන්නලා මේක පිහිටුවන්න හමුව තියද්දි පොඩි මතභේදයක් වෙලා මේක නවතිනවා...මේකේ වෙන දේ නිසා Pedro, Miguel ව මරන්න යනවා..ඒත් එතනදි Neto යි DFS එකයි මැදිහත් වෙලා Pedro ව මරලා දාලා Miguel ව බේරගන්නවා..පස්සේ Miguel විසින් මෙක්සිකෝවේ පලවෙනි Drug Cartel එක විදියට Guadalajara Cartel එක පිහිටුවනවා..
මුල ඉඳන්ම වගේ,
Miguel Ángel Félix Gallardo
Rafael Caro Quintero
Ernesto Fonseca Carrillo
Amado Carrillo Fuentes
Joaquín Guzmán a.k.a El Chapo
කියන සෙට් එක ඉන්නවා...
පිහිටුවගත්තත් බලය තියාගන්න තමා අමාරුම දේ...වැටීම් නැඟිටීම් එක්ක බිස්නස් එක යනවා..මේ අතරේ Miguel කොලොම්බියාවට ගිහින් කොකේන් මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට පටවන්න ඩීල් එකක් ගහන්න යනවා...මේ අතරෙදි පැබ්ලෝ වත් හම්බවෙලා එයාත් ඩීල් එකක් දෙනවා.. 😉
මර්ජුවානා හේන් ගැන බලාගන්නේ Rafa...එයා ඒකට එක්ස්පර්ට් කෙනෙක්..මේ හේන අක්කර 1000කටත් වඩා ලොකුයි 😛 තෙරක් පේන්නේ නෑ... 😂
Rafa සෙල්ලක්කාර ඩයල් එකක්...මෙයා මෙක්සිකෝවේ ඇමති කෙනෙක්ගේ දුවෙක් එක්ක සෙට් වෙලා පිස්සුවක් කෙළලා දුවවත් පැහැරගන්නවා 😂 මේකට රජයේ ලොකු පුටු ඇවිස්සිලා අර හේනට වැඩේ දෙනවා... DEA එකත් මේකට හවුල් වෙනවා... Kiki තමා මේ හේන ගැන හොයාගන්නේ...
ඒ කාලේ වෙනකොට DEA එක මොකටද පිහිටුවේ කියන එක පවා ප්‍රශ්නයක් වෙලා තිබ්බ කාලයක්..මොකද එයාලට වැඩක් තිබ්බේ නෑ වගේ...මොකද කාටෙල් කියන දේ ඒ කාලේ වෙනකොට පැතිරුණේ නැති නිසා...
1984 වෙනකොට ඇමෙරිකාවේ මර්ජුවානා පරිභෝජනය ඇස්මේන්තුගත විදියට මෙට්‍රික් ටොන් 15,000ක්..Rafa තමා මේකෙන් තුනෙන් එකක් ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 5000කටම වග කියන්නේ 😂
ඒ විනාශ වුණ හේනේ මුළු වටිනාකම ඒ යුගයේ මිලත් එක්ක ඩොලර් බිලියන 2.5ක්...ඒ ගාණ සෞදි අරාබියේ තෙල් නිධි වල වටිනාකමටත් වඩා වැඩීලු 😂🙏
Kiki ව මේකෙන් පස්සේ Cartel එකේ ලොකු ටාගට් එකක් වෙනවා.ඒත් Kiki, Miguel ව කොටු කරන්න ගහන ගේම් නම් නවත්තන්නේ නෑ...
මේක කම්ප්ලීට් බලලා ඉවර වෙනකන් Kiki ගැන ගූගල් සර්ච් කරන්න එපා කියලා තමා මම නම් කියන්නේ...මොකද අවසානය ඛේදනීයයි...
Kiki ගේ මරණය නිසා DEA එකේ මෙහෙයුම් පුළුල් කරනවා...ඔවුන්ට අරමුණක් හම්බවෙනවා..ඒ තමා කාටෙල් එක වට්ටන එක...දේශපාලන බලපෑම්,සල්ලි බලය,අවි බලය එක්ක DEA එකටයි මෙක්සිකෝවේ තාමත් ඉතිරිවුණ පිරිසිදු නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන්ටයි පුලුවන් වෙයිද?
📌4.5/5
Peace Out!
#VladTepes
2021-09-15

Comments
Post a Comment