Fightworld (2018)
Fightworld
Documentary
♥ IMDb 7.6/10
👍 Google Users 83%
Netflix ලා රිලීස් කරපු Documentary සීරීස් එකක්... 2018 October 12 තමා රිලීස් වුණේ.... කවුරුත් දන්න Frank Grillo තමා ශෝ එක කරන්නේ...එයා වෘත්තීමය නළුවෙක් වගේම සටන් ශිල්ප ගවේශණය කරන වගේම හදාරන කෙනෙක්...ඒ වගේම Boxing Trainer කෙනෙක්...
Frank Grillo ගේ Kingdom කියන ටීවී සීරීස් එකේ තියෙන්නෙත් MMA ක්ලබ් එකක් කරන කෙනෙක් වටා..ඒක නම් Drama සීරීස් එකක්..
මේ Fightworld සීරීස් එකේ කියන්න විශේෂ කතාවක් නෑ...මේකේ යන්නේ විවිධ රටවල් වල විවිධ සංස්කෘතීන් එක්ක බැඳුණු සටන් ක්‍රම ගැන සහ සටන්කරුවන් ගැන කරන ගවේශණයක්...
කොටස් 5කින් යුක්තයි.මේ කොටස් 5 දී රටවල් පහක වෙනස් සංස්කෘතීන් 5ක එකිනෙකට ආවේණික සටන් ශිල්ප පහක් ගැන ඒ ඒ රටවල් වලටම ගිහින් සාකච්ජා කරනවා.. 😊 UFC වගේ MMA ඉවෙන්ට් වලට ආස නම් බලන්න ඕනිම සීරීස් එකක්..
#1 Chapter One:Mexico(Boxing)
පලවෙනි එපිසෝඩ් එකේදි කතා කරන්නේ මෙක්සිකෝවේ බොක්සිං ගැන...ඔවුන්ටම ආවේණික ආවේගශීලී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයන්,ලෝක ශූරයන්,ඔලිම්පික් ශූරයන් වගේ ගොඩක් දේවල් මෙක්සිකෝවේ බොක්සිං එක්ක තියෙනවා.හිටපු ලෝක ශූරයන්,ඔලිම්පික් ශූරයන් එක්ක ඔවුන්ගේ ජීවිත කතාවන් මේ කොටසෙදි බෙදාගන්නවා..
මෙක්සිකෝව වගේ ප්‍රචණ්ඩකාරී රටක විශේෂයෙන්ම මෙක්සිකෝ වගේ නගරෙක ජීවිතය ආරක්ෂා කරගන්න වගේම එදිනෙදා ආදායම වෙනුවෙනුයි මේ ගොඩක් ක්‍රීඩකයන් බොක්සිං වළල්ලට එන්නේ..
#2 Chapter Two:Thailand(Muay Thai)
තායිලන්තයටම ආවේණික වුණ තරඟ ඉසව්වක් තමා මුන්තායි..හරිම ආක්‍රමණශීලී,අනුකම්පා විරහිත සටනක් තමා මුන්තායි වලදි වෙන්නේ...
අවුරුදු 17ක පොඩි කොල්ලෙක් වට තමා මේ කොටස යන්නේ...තමන්ගේ දෙමව්පියන්ට බරක් නොවී ඉගෙනීම් සිදුකරගන්නත් ගෙදරට ආදායමක් දෙන්නත් තමා තායිලන්තයේ ගොඩක් දුශ්කර පලාත් වල දරුවන් මේකට යොමුවෙන්නේ...
ඔවුන් සටන් කරන්නේ ජයග්‍රහණය වෙනුවෙන්ම නෙමෙයි...තමන්ගේ අනාගතය සහ එදා වේල වෙනුවෙන්..
#3 Chapter Three:Myanmar(Lethwei)
ලෙත්වේ තරමක් මුන්තායි වලට සමානකමක් තියෙනවා කියලා තමා කියන්නේ...එකම වෙනස තමා තමන්ගේ හිසෙනුත් පහරවල් එල්ල කරන්න පුලුවන්...කෲරයි වගේම අනතුරුදායකයි මුන්තායි වලට වඩා..
මියන්මාරයේ තියෙන ලෝකශූරතා තරඟාවලියට ඉමහත් අවධානයක් තියෙනවා...යුරෝපයෙන් පවා ක්‍රීඩකයන් අත්දැකීම් විඳගන්න එනවා..
#4 Chapter Four:Senegal(Laamb Wrestling)
සෙනගාලයේ අප්‍රිකානු සංස්කෘතිය එක්ක බැඳුණු මල්ලපොර ක්‍රමයක් තමා ලාම්බ් කියන්නේ... සෙනගාලයේ පාපන්දු වලට වගේම ලොකූ උන්මාදයක් තියෙනවා මේ ක්‍රීඩාවට... වාර්ශිකව පවත්වන තරඟාවලියට විශාල අවධානයක් ලැබෙනවා..
#5 Chapter Five:Israel(Krav Maga)
ඊශ්‍රායල හමුදාව හා පොලීසිය සඳහාම වගේ වැඩිදියුණු කරපු මාශල් ආට්ස් ක්‍රමයක්... අනුකම්පා විරහිත වගේම පසු නොබසින ආත්මාරක්ෂක සටන් ශිල්පයක්..
CIA, KGB එකේ වගේම සෑහෙන්න තදයෝ Mossad එකෙත් ඉන්නේ මේ නිසා වෙන්නැති...
ත්‍රස්තවාදී ක්‍රියාවලින් මුදවගන්න ඉක්මන් ප්‍රතික්‍රියා දක්වන්න තමා ඔවුන්ගේ නම් ප්‍රධාන අරමුණ...ජෙරුසලමයේ ආරක්ෂාවට වගේම දේශසීමාවේ ආරක්ෂාවට ඔවුන් පුහුණු කරවපු නිළධාරීන් යොදවනවා..
MMA ගැන උනන්දු අය බලන්න අනිවාර්යයෙන්...මොකද UFC වගේ ඉවෙන්ට් වලට පිටිපස්සේ කඳුළු කතා ගොඩක් තියෙනවා...
📌4/5
Peace Out!
#VladTepes
2018-10-21

Comments
Post a Comment