Torrentcheap (Torrent to Direct Converter)

 

Torrentcheap



මේ කියන්න යන්නෙ Seedr වගේම Torrent to Driect කන්වර්ට් කරගන්න පුළුවන් හොදම සයිට් එකක් ගැන..මේකෙ Space Limitation එකක් නෑ දන්න තරමින්.ඒක නිසා මේක බොහොම හොදයි 😁

සයිට් එකේ නම තමා Torrentcheap

සයිට් එකට ගිහින් ගූගල් එකවුන්ට් එක දීලා තප්පර 30න් සයින් අප් වෙන්න පුළුවන් 😋 Easy Cheesy...ඊට පස්සෙ පෙනෙයි + New Torrent කියලා බට්න් එකක්.ඒක ක්ලික් කරන්න.එතකොට තියෙනවා Magnet/Hash Name එක පේස්ට් කරන්න පොඩි බාර් එකක්...ඒකට පේස්ට් කරලා Add දෙන්න.එහෙමත් නැත්නම් ඩවුන්ලෝඩ් කරගත්ත ටොරන්ට් ෆයිල් එකක් තියෙනවා නම් ඒක ඇඩ් කරගන්නත් පුළුවන් Magnet ඇඩ් කරන්න තියෙන බාර් එකට යට එකෙන්..
එතකොට Health හොද Seeds ත් හොද ටොරන්ට් එකක් නම් තප්පරෙන් දෙකෙන් ඇඩ් වෙනවා..නැත්නම් ටිකක් වෙලා යනවා.මේ ෆයිල් දවස් 4ක් ඇතුලත ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කියලා පෙන්නනවා ඇඩ් වුණ ෆයිල් එකට යටින්..සමහරවිට එතනින් පස්සෙ Auto Remove වෙනවා ඇති.

ඇඩ් කරගත්ත ෆයිල් එක එකපාර හෝ ඇතුලේ ෆයිල් වෙන වෙනම වුණත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. 👌👏
Download ස්පීඩ් එකත් හොදයි... 😋

දන්නෙ නැති කවුරුහරි ඉන්නවා නම් දැනුවත් වෙන්න පෝස්ට් එකක් දැම්මේ. 😇


Peace Out!

#VladTepes

2021-08-17

Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)