Barry (2018-

 Barry


                               Comedy


♥ IMDb 8.3/10
🍅 Rotten Tomatoes 99%
📄 Metacritic 83%
👍 Google Users 89%

HBO සීරීස් එකක්....පට්ටම ඩාක් කොමඩියක් 😂
TEotFW බලපු කෙනෙක් නම් මේ වගේ අමුතුම කොමඩියක් අතාරින එකක් නෑ... 😉😍

***Spoiler Warning***

Story-

Barry Berkman කියන්නේ Hitman කෙනෙක්...මෙයා සල්ලි වලට මිනිස්සුන්ව මරනවා...ගොඩක්ම නරක අයව අයව තමා මරන්නේ...මෙයා හිටපු මැරීන් සෙබළෙක්..

මෙයා ලඟින්ම ආශ්‍රය කරන්නේ Fuches..එයා තමා එයාගේ තාත්තගේ හොඳම යාලුවා...දැන් Barry ගේ Mentor වගේ තමා ඉන්නේ.Fuches කරන්නේ Barry ට Contract හොයලා ඒවා පිලිවෙලක් කරන එකයි සල්ලි කළමණාකරනය කරන එකයි..

එක දවසක් Fuches, Barry ව හම්බවෙන්න ඇවිත් අලුත් කන්ට්‍රැක්ට් එකක් දෙනවා.ඒක තියෙන්නේ LA වල..LA වල චෙච්නියන් පාතාල කල්ලියක නායකයෙක්ගේ වැඩක් මේක..වැඩේ තමා ඒ පාතාල නායකයා(Goran Pazar) ගේ බිරිඳ එක්ක නිදාගත්ත ජිම් කෝච් ව මරන එක...

මේ වැඩේ කරන්න Barry මේ Ryan Madison කියන ජිම් එකේ වැඩ කරන මනුස්සයා ෆලෝ කරන්න ගන්නවා..මෙහෙම ෆලෝ කරද්දි මේ Ryan කියන හාදයා Mr.Cousineau කියන කෙනාගේ නාට්‍ය පන්තියකට යනවා දකිනවා..Barry ත් මේක අස්සට යන්න හදද්දි පොඩි වරදවා වටහා ගැනීම් ටිකක් වෙලා Ryan එක්ක දෙබස් ටිකක් කරන්න වෙනවා..

කෝමහරි මේ වුණ දේ නිසා Barry ට නළුවෙක් වෙන්න ආසාවක් එනවා..පස්සේ Barry එයාගේ Hitman ජොබ් එක අතාරින්නත් කල්පනා කරනවා..

මේ අතරේ Fuches, Ryan ගේ වැඩේ ඉවර කරන්න කියලා Barry ට බලකරවන නිසා එක රෑක එයා Ryan ව මරන්න එයාගේ වාහනේ ගාවට යද්දි එයාව මරලා තියෙනවා දකිනවා..මේක කරන්නේ චෙච්නියන් කාරයෝ...Barry ට මේකට තරහ යනවා,මොකද මනුස්සයා කැමති නෑ තමන්ගේ වැඩ වලට කවුරුත් හරස් වෙනවට..මේ වෙලාවෙම චෙච්නියන් කාරයෝ ටික Barry වෙඩි තියලා මරලා දානවා 🙏

ඒත් වාසනාවකට NoHo Hank කියන හාදයා බේරෙනවා 😉 පිස්සු ඩයල් එකක් මූ...චෙච්නියන් ගැන්ග් එකටම පිස්සු 😂

මේ අතරේ Janice කියන LAPD Detective මේ මිනීමැරුම එක ගැන හොයන්න ගන්නවා...

Barry ට නාට්‍ය පන්තියයි Hitman ජොබ් එකයි දෙකම බේරගන්න පුලුවන් වෙයිද? මිනීමැරුමට මාට්ටු වෙන්නේ කවුද? බොලීවියන් කාරයොන්ගේ තිප්පොල Barry චෙච්නියන් කාරයොන්ට අරන් දෙයිද?

බෝරින්ග් නෑ එක තප්පරයක්වත් 😹🙏
අමුතුම එකක් මේක..

📌4/5
Peace Out!
#VladTepes

2021-09-10

Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)