Sacred Games (2018-2019)
Sacred Games
♥ IMDb 8.6/10
🍅 Rotten Tomatoes 76%
👍 Google Users 94%
සුපිරිම Crime | Thriller සීරීස් එකක් 🙏
සයිෆ් අලි ඛාන් ත් වෙනස්ම විදියකට ඉන්ස්පෙක්ටර් Sartaj විදියට හම්බවෙනවා 😉 Thug Lord ට ඉන්නේ Nawazuddin Siddiqui 😍 (නවසුදීන්,ඉර්ෆාන්,නානා පටේකාර් වගේ අය නම් මේ වගේ Dark කැරැක්ටර් වලටම ඉපදුණු නළුවෝ 😘)
Radika Apte නම් නෙට්ෆ්ලික්ස් වල ඉන්දියානු නියෝජනය වගේ නෙහ් 😉
***Spoiler Warning***
Story-
Sartaj Singh කියන්නේ මුම්බායි වල සාමාන්‍ය පොලිස් නිළධාරියෙක්..මෙයා ඉහල නිලධාරීන් කරන යටිකූට්ටු වැඩ වලට කැමති නෑ...ඒක නිසා ඉහල අයගෙන් නිතරම වද වලට ලක් වෙනවා... ශාරීරිකව සහ මානසිකව දෙකෙන්ම...
මේ අතරේ නැති වුණා හෝ රටින් පැන ගිහින් හෝ කියලා හිතපු මුම්බාය හොල්ලපු පාතාල නායකයෙක් ගෙන් Sartaj ට කෝල් එකක් එනවා...ඒ තමා Ganesh Gaitonde...
මොලේ විකාර කරවන කතා ටිකක් කියන ගයිතොන්ඩේ ඔහුගේ මුල්ම අපරාධය,ළමා කාලය වගේ කතන්දර ගොඩක්ම Sartaj ට කියනවා...මෙහෙම කියලා ඔහු කියනවා මුම්බාය දවස් 25කින් විනාශ වන කතාවක්..එක් අයෙක් ඇර..ඒ Trivedi...
කවුද මේ Trivedi? මොකක්ද දවස් 25 කතාව? මේ ගයිතොන්ඩේ ගේ පැමිණීමෙන් ඉහල පුටු රත් වෙන්නේ ඇයි? මේ වගේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා ගයිතොන්ඩේ Sartaj ඉස්සරහදිම තමන්ටම වෙඩි තියාගෙන මැරෙනවා...
මේ අතරේ Sartaj ඉහල අයත් එක්ක කලින් ඉදන්ම හැප්පුණ නිසා වැඩ තහනම් වීමකටත් ලක් වෙනවා..ඒත් මේ කේස් එක විසඳන්න රෝ නිළධාරිනියක් වෙන Anjali Mathur ට උදව් වෙනවා...
හොර සල්ලි ජාවාරම්,ගණිකාවන් හුවමාරුවීම්,හොර මත්පැන්,කළු සල්ලි සේදිලි මේ හැමදේම ගයිතොන්ඩේ එක්ක ගෑවිලා තියෙනවා...ඉතින් ලොකු පුටු ගොඩක් ගයිතොන්ඩේ ගේ අවුරුදු ගාණකට පස්සේ ආපහු මතුවීම නිසා රත් වෙනවා..
අඩියෙන් අඩිය මුඩුක්කුවක ඉදන් එලි බැස්ස මැරයෙක්....සිස්ටම් එකට විරුද්ධ වෙන්න හදන පොලිස් නිළධාරියෙක්....සල්ලි වෙනුවෙන් බල්ලෝ පවා මරන දූශිත පොලීසිය..
කතාව කියන්න ගොඩක් දිගයි වගේ...ගොඩක් තැන් ගෑවෙනවා..
ගයිතොන්ඩේ ගේ පරණ මතකයන් එක්ක තමා වර්තමාන කතාවත් යන්නේ...
📌4/5
Peace Out!
#VladTepes
2021-09-16

Comments
Post a Comment