Gallipoli (2015)

Gallipoli


      

                                      War | Drama


IMDb 7.9/10
👍 Google Users 93%


මේක ඕස්ට්‍රේලියානු මිනි සීරීස් එකක්...ඇත්තටම මට නම් හිතුණේ වැඩි අවධානයක් ලැබුණේ නැති සුපිරිම සීරීස් එකක් කියලා 😻🙏 BoB,The Pacific වගේ පට්ට War Series බලපු කෙනෙක් නම් මඟ නොඇර බලන්නම ඕනි එකක් 😉😘

එපි 7ක් තියෙනවා..පලවෙනි එපිය විනාඩි 75ක් වගේ...ඉතුරු හයම විනාඩි 42-47 අතරේ තමා තියෙන්නේ...

Gallipoli Campaign එක නම් වෝ ෆිල්ම්ස් වගේ බලන අය නම් හොදට දන්නවා ඇති...පළමුවන ලෝක යුද්ධයෙන් මිත්‍ර හමුදා දරුණුම පරාජයක් ලබලා පසුබහින්න වුණ සටනක් තමා Gallipoli Campaign එක කියන්නේ...මිත්‍ර හමුදාවන් හි ජීවිත 40,000කටත් වැඩි ගණනක්,තුවාලකරුවන් ලක්ශ 3කටත් වැඩි ගණනකුත් ඔටෝමාන් හමුදාවෙහි(තුර්කි) ජීවිත 60,000කටත් වැඩි ගණනක්,තුවාලකරුවන් ලක්ශ 2කටත් වැඩි ගණනක් මේ සටන නිසා සිද්ධ වුණා කියලා තමා කියන්නේ...

The Water Diviner කියන ෆිල්ම් එක බලලා තියෙනවා නම් මතක ඇති මල මිනී වැලලුණු භූමියක් වුණ ගලිපොලි...ඒකෙ වෙන්නේ ඕස්ට්‍රේලියානු පියෙක් ලෝක යුද්ධය ඉවර වෙලා ටික කාලෙකට පස්සේ යුද්ධයෙන් Gallipoli වලදි නැතිවුණ තමන්ගේ පුතාලාගේ මිනියවල් හොයන්න ඇවිත් ඒවා හොයන්න දරන වෙහෙස...ලස්සන ෆිල්ම් එකක්...Russell Crowe ඉන්නේ ෆිල්ම් එකේ...


***Spoiler Warning***

Story-

කතාව යන්නේ නම් ඕස්ට්‍රේලියානු තරුණයෝ හතර දෙනෙක් මුල් කරගෙන...කථානායකයා තමා Tolly...එයාගේ අයියත් ඔහුත් එක්ක ඉන්නවා Bevan...අනික් යාලුවො තමා Dave,Cliff කියන දෙන්නා...

මිත්‍ර හමුදාවන්ගෙන් Gallipoli වෙරළට පළමුවෙන්ම ගොඩබහින භට කණ්ඩායම වෙන්නේ Tolly ඇතුළු ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා...

සියදිවි හානිකර ගැනීමක් වුණ මේ සටනෙන් මුල් ටිකේ Tolly ඇතුළු යාලුවෝ තුන් දෙනා නම් නොනැසී ඉන්නවා...පස්සේ පස්සේ සටන් තවත් දරුණු වෙනවා...කොයි වෙලේ ඔලුව හිල් කරගෙන උණ්ඩයක් බහීවිද කියලා හිතාගන්න බැරුව අඟල් වල ඉදන් මූණට මූණ හතුරා එක්ක වෙඩි වරුසාවල් යනවා..

ඉහළ නිළධාරීන්ගේ අනුවණ තීරණ නිසා සටන මිත්‍ර හමුදාවන්ගෙන් ගිලිහෙනවා...සටනට නායකත්වය දුන්න බ්‍රිතාන්‍ය හමුදාවේ Ian කියන කමාන්ඩර් වත් UK PM විසින් අස් කරනවා...පස්සේ යුධ කවුන්සලයේ තීරණයත් එක්ක සියලුම මිත්‍ර හමුදා භටයන් Gallipoli අර්ධද්වීපයෙන් ඉවත් කරගන්නවා...

දෙවෙනි එපියෙදි තුර්කි හමුදා සහ මිත්‍ර හමුදා සාම ගිවිසුමක් ගහලා ඔවුන්ගේ සංග්‍රාම භූමියේ තියෙන කුණු වෙන සෙබලුන්ගේ මළසිරුරු ඔවුන් දෙගොල්ලොම එකතු වෙලා වළලනවා...ඒ අතරේ තුර්කි සොල්දාදුවන්ටයි මිත්‍ර හමුදා වල සොල්දාදුවන්ටයි කතාබහ කරලා අදුනගන්නත් අවස්ථාවක් හම්බ වෙනවා...
එතනදි Tolly ඒ එපිය ඉවර වෙද්දි අපිට කියනවා "For what seemed like the first time a hush came over Gallipoli.We knew them.They were fathers and sons and brothers,just like us.We didn't hate them anymore" 😖😷😭

Season Finale එපියේ අවසානෙටම වගේ Tolly කියනවා "We should get our god(Christian) and they should get theirs(Islam) and we let them fight it out,Then there'd be a lot less killing" 😷🙏

සෑහෙන්න දැනෙන ලස්සන දෙබස් ගොඩක් තිබ්බා ඔන්න ඔය වගේ 😔

පට්ටම සීරීස් එකක්... 🙏

📌4/5
Peace Out!
#VladTepes

2021-09-05

Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)