Elite (2018-

Elite



                        Drama | Thriller 


♥ IMDb 7.5/10
🍅 Rotten Tomatoes 97%
👍 Google Users 93%

Netflix Original Series එකක්...ස්පැනිශ් 😍 Money Heist ගොඩක් අය බැලුවා නෙහ්...අන්න ඒකේ කාස්ට් එකේ අයගේ Reunion වීමක් වගේ මේ සීරීස් එක... 😉😋

Money Heist එකේ Alison Parker,Denver,Rio තුන් දෙනා ඉන්නවා මේ සීරීස් එකේ 😉

සීරීස් එක නම් 18+ 😷🙏 Homosexuality(Male/Female), Bisexuality, Threesome 😂 ඔය ඔක්කොම තියෙනවා 😹🙏

Big Little Lies වගේ මුල ඉදන්ම හොද කුතුහලේකින් එක හුස්මට එපි ටික බලලා ඉවර කරන්න පුලුවන් 😊 Drama ආස නම් අනිවා සෙට්...

පහරම සීරීස් එකක්... 😎😘😍


***Spoiler Warning***

Story-

Samuel කියන්නේ සාමාන්‍ය පවුලක ලමයෙක්...මෙයයි මෙයාගේ යාලුවොයි ඉගෙනගත්ත ඉස්කෝලේ කඩන් වැටිලා ලොකු අනතුරක් වෙලා ඉස්කෝලේ වහලා දානවා...ඉතින් ඉදිරි අධ්‍යාපන වැඩ කරගන්න Samuel ටයි එයාගේ යාලුවෝ දෙන්නා වුණ Nadia ටයි Christian ටයි ඒ පළාතේ පෝසත්ම අය ඉගෙනගන්න ලොකුම ඉස්කෝලෙන් ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා...

මෙයාලා සාමාන්‍ය පවුල් වලින් එන නිසා ඉස්කෝලේ දි මුලින්ම පන්ති ගැටුම් වලට මුහුණ දෙන්න වෙනවා..පෝසත් ළමයින්ගේ අපහාස වගේ ඒවා...

Samuel සහ ඒ ඉස්කෝලේ ගෑණු ළමයෙක් වුණ Marina අතරේ සම්බන්ධෙකුත් ඇති වෙනවා...Marina ඒ අතරෙම Samuel ගේ අයියා Nano එක්කත් යාළු වෙනවා..Marina කියන්නේ HIV Positive එක්කෙනෙක් කියලාත් මේ අතරේ එළි වෙනවා...

Nano හිරේ ගිහින් ආපු කෙනෙක්..එයා හිරේදි වුණ ණය වගයක් බේරගන්න බැරුව ඉන්නේ..මේක විසඳගන්න Marina උදව් කරනවා..Marina ගේ තාත්තගේ බිස්නස් හවුල්කාරයාගේ වටිනාකියන ඔරලෝසු එකතුවක් උස්සන්න තොරතුරු දෙනවා..

Nano ඔරලෝසු ටික උස්සනවා..මේ ඔරලෝසු අස්සේ එක ඔරලෝසුවක Marina ගේ තාත්තගෙයි අර ඔරලෝසු කලෙක්ශන් එක අයිති කෙනාටයි බලපෑම් කරන්න පුලුවන් Document වගයක් තියෙනවා.

(Samuel ගේ ඉස්කෝලේ හදලා තියෙන්නේ Marina ගේ තාත්තගේ Construction Company එකෙන්,ඒ අය තමා වගකියන්න ඕනි ඉස්කෝලේ අනතුරට,ඒක ගැන තොරතුරු තමා ඔරලෝසුවේ තියෙන්නේ)

Nano මේ ඔරලෝසුව පාවිච්චි කරලා බ්ලැක්මේල් කරලා සල්ලි ගන්න උත්සාහ කරනවා ඊට පස්සේ..ඒ සල්ලි වලින් Marina එක්ක ඈතකට යන්න ප්ලෑන් කරනවා...මේ කතන්දර අස්සේ ඉස්කෝලේ Annual Party ය තියෙන දවසත් එනවා..මෙදා තමා පැනලා යන්න දෙන්නා ප්ලෑන් කරන්නේ...

ඒත් එදා රෑ Marina ව ඉස්කෝලේ Pool එක ගාව මරලා දාලා ඉන්නවා හොයාගන්නවා...

Marina ව මැරුවේ කවුද? මරනවා පෙන්නනකන්ම Guess එකක්වත් කරලා හොයාගන්න නම් බෑ...හොද සීරීස් එකක්...

තව සෑහෙන්න කතා ගොඩාක් තියෙනවා මේක ඇතුලේ 😉😊


📌4/5
Peace Out!
#VladTepes

2021-09-06

Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)