Gravity Falls (2012-2016)

 Gravity Falls



                         Animated | Drama


♥ IMDb 8.9/10
🍅 Rotten Tomatoes 100%
👍 Google Users 96%


මේ තමා මගේ Rick and Morty,Avatar:The Last Airbender සීරීස් දෙකට පස්සේ කැමතිම ඇනිමේටඩ් සීරීස් එක 😍
මේක පිස්සුවක් කෙටියෙන්ම කිව්වොත්,හරියට Rick and Morty වගේ...

ලෝකේ නිර්මාණශීලීම විකාරම අදහස් තියෙන්නේ Rick and Morty,Gravity Falls සීරීස් දෙකේ Writers ලට 😍😍

Rick and Morty වගේම වැදගත්ම සීරීස් එකක් මේක...මොකද ඒකයි මේකයි දෙකම ටීවී සීරීස් දෙකක් විතරයි නෙමෙයි තනිකරම ඉංග්‍රීසි ශබ්දකෝෂවල් දෙකක්...ඒ තරමටම අලුත් වචන 😍 සමහර ඒවා ඇත්තම වචනද කියලත් හිතෙයි 😂

ඇනිමේශන් වෙනුවෙන්ම ඉපදුණු Disney ලගේ සුපිරිම සීරීස් එකක්..2012-2016 වෙනකන් තමා විකාශය වුණේ...සීසන් 2ක් විතරයි ඇවිත් තියෙන්නේ..එපි ඔක්කොම 40යි.. Runtime එක විනාඩි 21-26 වගේ වෙනවා.


***Spoiler Warning***

Story-
Dipper Pines,Mabel Pines කියන්නේ නිවුන්නු දෙන්නෙක්...මේ දෙන්නව Summer Vacation එකට මෙයාලගේ මාමා වෙන Grunkle Stan ගාවට ඇරලවනවා මෙයාලගේ අම්මයි තාත්තයි 😊

Grunkle Stan ජීවත් වෙන්නේ Gravity Falls කියන හරිම අමුතු නගරෙක..Stan ට තියෙනවා ශොප් එකක් එහේ කැලේ ගාව...ඒකේ නම තමා Mystery Shack...ඒක ගිෆ්ට් ශොප් එකක් වගේ...හරි හරි අමුතු දේවල් සංචාරකයොන්ට පෙන්නලා මෙයා සල්ලි හොයනවා...හෙනම වංචාකාරයෙක් 😂 ආතල් මනුස්සයෙක් ඒ වුණාට.. 😉

Stan ගේ Mystery Shack ශොප් එකේ වැඩ කරන්න දෙන්නෙකුත් ඉන්නවා..Soos කියන Nerd ඩයල් එකකුයි Wendy කියන රස්තා ටයිප් එකේ ටීන් කෙල්ලෙකුයි 😉

Dipper ට මේ ශොප් එකේ තිබිලා හම්බ වෙනවා පරණ පොතක්..ඒක ජර්නල් එකක්..ඒකේ තියෙන්නේ Gravity Falls වල ඉන්න බියකරු සත්තු,අද්භූත දේවල් වගේ ඒවා ගැන(තව ජර්නල් තියෙනවා 😉 Dipper ට හම්බ වෙන්නේ එකක් විතරයි)

කතාව යන්නේ නිවුන්නු දෙන්නා ශොප් එකේ වැඩ වලටත් උදව් කරගෙන ඉන්න ගමන් මුහුණ දෙන්න වෙන සිද්ධි ගැන...

ග්නොම්ලා,අර්ධ වෘෂභයෝ,ටයිම් ට්‍රැවලර්ස්ලා,තෙරක් නොපෙනන ආවාට වගේ මහ පිස්සු දේවල්...
හැම එපියකම අලුත් දෙයක් හම්බ වෙන්නේ 😻

එක දෙයක් අනිවා කියන්නම්,පටන් ගන්න තප්පරේ ඉදන් එක මොහොතක්වත් Skip නොකර බලන්න 😍😍 ජීවිත කාලෙටම මතක හිටින ඇනිමේටඩ් සීරීස් එකක් වේවි 🙏

📌5/5
Peace Out!
#VladTepes
2018-10-02

Comments

Post a Comment

Popular posts from this blog

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)