'බ්‍රැන්ඩෝ' ඔස්කාර් එපා කිව්වේ ඇයි?
"බ්‍රැන්ඩෝ සහ ඔස්කාර්"
"ගෝඩ් ෆාදර් හි විටෝ කොරලියොන්ගේ චරිත නිරූපණය වෙනුවෙන් මාලන් බ්‍රැන්ඩෝ වෙත හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය පිරිනැමුණි.නමුත් කිසිවෙකුත් කිසිවිටෙකත් අත්නොහරින අවස්ථාවක් වන එම සම්මානය ලබාගැනීම බ්‍රැන්ඩෝ ප්‍රතික්ෂේප කළේය.ඔහු එලෙස අත්හැර දැමුවේ චිත්‍රපට කර්මාන්තයේ තවමත් ඉහළම වටිනාකමකින් යුත් අවස්ථාවයි."
1973 මාර්තු පස්වැනිදා සිතාගැනීමටත් අපහසු හේතුවක් දක්වමින් බ්‍රැන්ඩෝ ඔහුගේ සුවිශිෂ්ට රංගනය වෙනුවෙන් පිදුම් ලද සම්මානය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.මේ ඊට හේතුවයි.
බ්‍රැන්ඩෝගේ නැවත පැමිණීම.
--------------------------------------------------
60 දශකයේදී බ්‍රැන්ඩෝගේ චිත්‍රපට දිශානතිය අපගමනයකට ලක්වෙමින් පැවතුණි.ගෝඩ් ෆාදර් ට පෙර අවසාන වශයෙන් ඔහු රඟපෑ චිත්‍රපට දෙක වූ 'One Eyed Jacks' සහ 'Mutiny on the Bounty' අතිවිශාල පිරිවැයක් දරා නිමකර තිබුණද ඒවා ආදායම් ඉපැයීමෙන් අන්තයට වැටුණි.ෆිල්ම් සෙට් එකේදී බ්‍රැන්ඩෝගේ නොමනා හැසිරීම් නිසා ඔහු සුහදව කටයුතු කළ හැකි නළුවන්ගේ ලැයිස්තුවේ පහළටම වැටුණි.බොහොමයක් අවස්ථාද මෙම කටකතා හේතුවෙන් ඔහුගෙන් මඟහැරුණි.
ඔහුගේ ගැලවුම්කාරයා වූයේ GodFather හි Vito Corleone චරිතයයි.140 හි නිව්යෝක් මාෆියා කල්ලියක ප්‍රධානියා වූත්,සිය පවුලට දැඩි රැකවරණය සැපයූත් එම චරිතය ප්‍රේක්ෂක සිත් බැඳගැනීමට සමත් විය.මෙවන් දරුණු චරිතයක පැවති අතිමානුශීය බැඳීම් මඟින් ඉස්මතු කළ පැරඩොක්සීය ලක්ෂණ මෙහි සාර්ථකත්වයට හේතුවිය.
එතෙක් මෙතෙක් ලොව හොඳම චිත්‍රපටයක් බවට පත්වෙමින් ඇ.ඩො මිලියන 130ක ආදායමක්ද උපයමින් The GodFather වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානයට බ්‍රැන්ඩෝ නිර්දේශ විය.
සිනමා උලෙළේ නාටකය
-----------------------------------------
තමන් 45 වැනි ඇකඩමි සම්මාන උළෙල ප්‍රතික්ෂේප කරන බව බ්‍රැන්ඩෝ උත්සවය දින සවස ප්‍රකාශ කළේය.ඔහු වෙනුවෙන් සම්මානය භාරගැනීමට පැමිණියේ ඇපාචි ඇඳුමකින් සැරසුණු දිග කළු කොණ්ඩයක් හිමි කාන්තාවකි.එම අවස්ථාවට අදාළ වීඩියෝව Youtube හි Marlon Brando's Oscar win for 'The God Father' ලෙස සෙවීමෙන් නැරඹිය හැකිය.
Liv Ullman සහ Roger Moore ගේ නම් ප්‍රකාශයෙන් පසු වේදිකාවට ගොඩවූයේ එකල රතු ඉන්දියානු නිළියක ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටි සෂීන් ලිට්ල්ෆෙදර් ය.බිමට නමාගත් හිසින් යුතුව වේදිකාවට ගොඩ වූ ඇය ලිපියක් කියවූවාය.
මෙම සම්මානය ලබාගැනීමට බ්‍රැන්ඩෝට නොහැකි වීම පිලිබඳව කනගාටු වන බවත්,ඔහු වෙනුවෙන් මේ කතාව ප්‍රේක්ෂකාගාරයට කියන ලෙස බ්‍රැන්ඩෝ පැවසූ බවත් ඇය පවසා සිටියාය.
එයට හේතුව ලෙස දැක්වූයේ සිනමා කර්මාන්තය තුළ රතු ඉන්දියානුවන්ට සිදුවුණ අසාධාරණකම්ය.
බලා සිටි සෙනඟ වික්ෂිප්ත වූහ.ලිට්ල්ෆෙදර් දෙඇස් බිමට හරවාගෙන සිය කනගාටුව ප්‍රකාශ කළාය.ප්‍රේක්ෂකාගාරය තුළ අත්පොළසන් නැංවුණි.ඇගේ පැමිණීම ආක්‍රමණයක් නොවන බවත්,නැවතත් ආදරණීයව අනාගතයේදී මුණගැසෙමු යනුවෙනුත් පවසා ඇය පිටව ගියාය.
මේ අනුව සිනමා කර්මාන්තය තුළ රතු ඉන්දියානුවන්ට සිදුවන හානිය පිලිබඳව ප්‍රජාවගේ අවධානය යොමුවිය.සිනමාව තුළ රතු ඉන්දියානුවන් පහත් කොට සැලකීමත්,රතු ඉන්දියානුවන්ගේ ප්‍රධාන චරිත පවා සුදු මිනිසුන් රඟපාමින් රතු ඉන්දියානුවන්ට අමතර සුළු චරිත ලබාදීමටත් එරෙහිව කෙරුණු බ්‍රැන්ඩෝගේ මෙම විප්ලවය ලොව පුරා සාකච්ජාවට බඳුන් විය.
business insider සහ Youtube වෙබ් අඩවි ඇසුරෙනි.
-----------------------------------------------------------------------------
-උපුටා ගැනීමකි-
Go සඟරාව(2014 DECEMBER)
Peace Out!
#VladTepes
2021-08-23

Comments
Post a Comment