The Fades (2011)

The Fades


                                    Horror 


💋 IMDb 7.7/10

🍅 Rotten Tomatoes 82%

👍 Google Users 82%


BBC ලගේ මිනි සීරීස් එකක් 😍 ටිකක් පරණයි,2011 මේක...ඒ වුණාට මට නම් අල්ලලා ගිය Horror සීරීස් එකක්...

දන්න කියන අය කීප දෙනෙක්ම ඉන්නවා...හැබැයි මේක ටෙලිකාස්ට් වෙන කාලේ නම් එයාලා ප්‍රසිද්ධ නෑ..


GOT එකේ Margaery Tyrell(Natalie Dormer)

GOT එකේම Joe Dempsie(Gendry),

Lucifer සීරීස් එකේ Lucifer(Tom Ellis),

Get Out(2017) ෆිල්ම් එකේ Chris(Daniel Kaluuya) 


***Spolier Warning***


Story- 

Paul යි Mac යි කියන්නේ හොදම යාලුවෝ දෙන්නෙක්...මේ දෙන්නා දවසක් අතෑරලා දාපු ශොපින් මෝල් එකකට යනවා Mac ට පරණ ෆිල්ම් හොයන්න ඕනි කමට....(Mac කියන්නේ ෆිල්ම් පිස්සෙක්,හැමදේම ෆිල්ම් වල ප්ලොට් එක්ක ගලපන්නේ) එතනදි දෙන්නා වෙන් වෙන වෙලාවක Paul දකිනවා මනුස්සයෙක්ව,ඒත් එක්කම ගෑණු කෙනෙක් කඩන් වැටෙනවා උඩක ඉදන්..

මේ මනුස්සයා ඒ ගෑණු කෙනාවත් අරගෙන එතනින් පැනලා යනවා...


Paul ත් ඒ මනුස්සයා පස්සෙන් පන්නන් යනවා හොරෙන්,මඟදි අර මනුස්සයට සතෙක් පහර දෙනවා...අමුතුම Supernatural Creature කෙනෙක්....ඒ Entrance එක..


Paul කියන්නේ දරුණු සිහින පේන මානසික ප්‍රතිකාර පවා ගන්න කෙනෙක්...ශොපින් මෝල් එකේ සිදුවීමෙන් පස්සේ මෙයාට ලෝක විනාශයන් ගැන සිහින පේනවා...ඒවා හරියට Visions වගේ...


මේ අතරේ අර අභිරහස් මනුස්සයා Paul ව හම්බ වෙලා හැමදේම ගැන පැහැදිලි කරනවා... මනුස්සයෙක් මැරුණට පස්සේ මනෝකාය එලියට ඇවිත් වටේ කැරකි කැරකි ඉන්නවා මේ ලෝකෙන් පිටව යන කාලය එලඹෙනකන්....හැබැයි මෙහෙම කරන්න බැරි වුණ මනෝකායන් මේ ලෝකේ හිර වෙනවා...මොවුන්ට මිනිස්සුන්ව අල්ලන්න බෑ,දොරක් වාහනයක් වගේ කිසිම දෙයක් අල්ලන්න බෑ...මෙයාලට කියන්නේ "The Fades" කියලා...මේ වගේ දේවල් ගැන හොයලා ඒවගෙන් වෙන කරදර නවත්තන Supernatural Powers තියෙන අයට තමා "Angelics" ලා කියන්නේ...


මේ Fades ලගේ හැකියාවන් වර්ධනය වෙලා මිනිස්සුන්ව ස්පර්ශ කරන්න හැකියාවක් ඇවිත් මිනිස්සුන්ව මරන් කනවා...ඉස්සරහට එන ලෝක විනාශයක් ගැන පෙරනිමිති පහල වෙනවා...Paul ට සුවිශේෂී බලයක් හම්බ වෙලා Angelic කෙනෙක් වෙනවා...


මේ විනාශය නවත්තන්න පුලුවන් වෙයිද?? 😷


📌3.5/5

Peace Out!

#VladTepes


2018-09-26


The Fades Wikipedia Article



Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)