The Dragon Prince (2018-

 The Dragon Prince



                       Fantasy | Drama


💋 IMDb 8.4/10
🍅 Rotten Tomatoes 100%
👍 Google Users 91%


මේක Netflix ලගේ ඇනිමේටඩ් සීරීස් එකක්...Avatar වලින් පොඩි ආභාශයක් අරගෙන නම් තියෙනවා වගේ ටිකක්..


***Spoiler Warning***


Story-

Xadia කියන්නේ මායා රාජාධානියක්...මෙහි මිනිසුන්,එල්ෆ් වරුන් වගේම මකරුනුත් ජීවත් වෙනවා.ඒ වගේම මායාවන්ගෙන් පිරිලා තියෙන්නේ මේ භූමියම..මේ හැම මායාවක්ම එන්නේ මූල ප්‍රභව හයක් මූලික කරගෙන..
ඒවා තමා ඉර, හඳ, තරු, අහස, පොළව, සාගරය 😊

මේ හයට අමතරව අවුරුදු දහස් ගාණකට කලින් මනුශ්‍ය මායාකරුවෙක් හත්වෙනි මූල ප්‍රභවයක් හොයාගන්නවා ඒ තමා අඳුරු මායාවන්...

මේක නිසා මායා සතුන් ආදිය දඩයම් කරන්නයි විනාශ කරන්නයි පටන් ගන්නවා මිනිස් මායාකරුවන් මායා බලය වැඩි කරගන්න...

පස්සේ මිනිසුන් හැමෝම Xadia වල බටහිර පැත්තට යවලා දේශසීමාවක් දානවා එල්ෆ් ලා...මේ දේශසීමාව ආරක්ෂා කරන්නේ මකරෙක්...මිනිසුන් යුද්ධ කරලා කෝමහරි මකරව මරනවා... මකරුන්ගේ ඊලඟ උරුමක්කාරයා වෙන මකර බිත්තරයත් විනාශ කරනවා(ඇත්තටම විනාශ කරන්නෑ.හොරකම් කරන්නේ.)

මිනිස්සු ජීවත් වෙන කොටසේ රාජධානි 5ක් තියෙනවා...ඒකෙ එක් රාජධානියක් තමා Katolis..එහි රජතුමා තමා Harrow...ඔහුට ඉන්නවා  පුතෙක් Ezran,තවත් කෙනෙක් ඉන්නවා එයා Callum(අඩ සහෝදරයෙක්)

මකර බිත්තරය විනාශ කරපු පළිය ගන්න එල්ෆ් ලා කණ්ඩායමක් එනවා Katolis වලට Harrow ව මරන්න..මෙතනදි Ezran,Callum එක්ක එකතු වෙන Rayla කියන එල්ෆ් Viren කියන Harrow ගාව ඉන්න මායාකරුවා හංගලා තියෙන මකර බිත්තරය හොයාගෙන එල්ෆ්ලයි මිනිස්සුයි අතර සාමය ගේන්න තියෙන එකම ක්‍රමය වෙන මකර බිත්තරය දේශසීමාවට අරගෙන යන දීර්ඝ චාරිකාව තමා කතාව පුරාවට යන්නේ 😊💪

📌4/5
Peace Out!
#VladTepes

2018-10-01

Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)