House of Saddam (2008)

 House of Saddam


 
Drama
  

💋 IMDb 7.7/10

🍅 Rotten Tomatoes 60%
👍 Google Users 90%


නමින් දන්නවා ඇති නෙහ් මේ සීරීස් එක කවුරු ගැනද කියලා...හිටපු ඉරාක ඒකාධිපති පාලක සදාම් හුසේන් ගැන
1979 හමුදා කුමණ්ත්‍රණයකින් පාලනය ලබාගෙන 2003දී ඇමෙරිකාවේ ආක්‍රමණය සිදු වෙන තුරු ඉරාකය පාලනය කළ ඒ නායකයාගේ ඔහුගේ කෝණයෙන් ඔහුගේ කතාව කියවෙන ලෝක දේශපාලන බල තුලනයන් ගැන කියවන්න බලන්න ආස අයට වටිනම සීරීස් එකක් මේක

ටිකක් පරණයි 2008 වගේ.... HBO Films,BBC සහයෝගයෙන් නිශ්පාදනය වුණ සීරීස් එකක් මේක..කොටස් හතරයි..එක කොටසක් පැයක ධාවන කාලයකින් යුක්තයි.


***Spoiler Warning***

Story-
1979 වර්ශයේදී සදාම් හුසේන් නව ඉරාකයක් උදෙසා හමුදා කුමණ්ත්‍රණයකින් පාලන බලය ලබාගන්නවා.ඔහු බලය ලබාගන්නේ අලුත් ඉරාකයක් වෙනුවෙන් වුණත්,ඔහු අනවශ්‍ය විදියට බලය පාවිච්චි කරමින් නැති සතුරන් ඇති කරමින් යුද්ධ වලට පැටලිලා තමන්ගේ රට ආගාධයකට අරගෙන යනවා.

1979දී පාලනය අරගෙන වර්ශයක් ඇතුලත තමන්ගේ රට ඇතුලේ පක්ශය ඇතුලත විරුද්ධවාදීන් සියල්ලක්ම කෲර ලෙස ඝාතනය කරනවා...
දේශපාලන ගැටුම් නිසාම සදාම් කමේනි පාලනය ඒ කියන්නේ ඉරානය එක්ක 1980දී ඉරාකය යුද්ධයක් පටන් ගන්නවා...අවුරුදු අටක දීර්ඝ යුද්ධයක් කරලා ජයග්‍රහණය ලැබුවත් රටේ ආර්ථිකය පවා තියෙන්නේ අස්ථාවර තත්වයක..මිලියනයක විතර හමුදා සෙබලුන්ගේ වැටුප් ගෙවන්න පවා නොහැකි තරම් අසරණ තත්වයකට වැටෙනවා...

1980-1988 කාලයේ සිද්ධ වුණ ඉරාන-ඉරාක යුද්ධය ඉවර වෙලා වැඩි කල් නොගිහින් ඉරාකය නැවතත් යුද්ධයක පැටලෙනවා..ඒ කුවේටය සමඟ...

ඉරාකය කුවේටයට චෝදනා කරනවා ඇමෙරිකාවේ තාක්ශණයේ සහයෝගයත් එක්ක තමන්ගේ රටේ තෙල් සම්පත හූරා කනවා කියලා...මේ කැකෑරෙන හේතු එක්ක ඉරාකය 1990දි කුවේටය ආක්‍රමණය කරනවා..

ඉරාන යුද්ධයෙන් පසුවත් ජාත්‍යන්තරයේ දෝශාරෝපණ වලින් වැලකිලා හිටපු සදාම් වරද්දගත්ත තැන වුණේ කුවේටය ආක්‍රමණය කරපු එක...කුවේටයේ සහායට ඇමෙරිකාව ඇතුළුව තවත් රටවල් ගණනාවක් ඔවුන්ගේ හමුදා බලඇණි එවනවා ඉරාකයට පහර දෙන්න...දින දෙකක කෙටි ආක්‍රමණයක් වෙන්නේ ඉරාකය කුවේටය එක්ක..

ඉරාකයේ තෙල් සම්පතට අත පොවන්න අවස්ථාව සදාම් හුසේන් ඇමෙරිකාවට දෙපා මුලටම හදලා දෙනවා...

1979 ඉදන් වසර 24ක ඒකාධිපති පාලනයක් නිමා කරමින් 2003 දී ඇමෙරිකා හමුදා ඉරාකයට ඇතුළු වෙනවා... සදාම් තමන්ගේ හිතවතුන් රටින් පිටුවහල් කරවලා තමන් හැංගෙනවා... කොහොම වුණත් අවසානයේදී ඔහුව අල්ලාගෙන 2006 නොවැම්බර් 5 වෙනිදා ඔහුට විරුද්ධ චෝදනා වලට වැරදිකරු කරමින් එම වසරේදීම දෙසැම්බර් 30 වෙනිදා ඔහුව එල්ලා මරලා දමනවා...

ලෝකයක් වෛර කරපු ඒකාධිපතියෙකුගේ අවසානය එසේ සිද්ධ වෙනවා... ඒකාධිපතිත්වයේ හැසිරීම බල තුලනයන් පට්ටෙටම බලාගන්න පුලුවන් සීරීස් එකක්...දැනට දැනුවත්ව දන්න දෙවෙනි සීරීස් එක මේක මේ වගේ ස්ටෝරි තියෙන...පලවෙනි එක තමා Tyrant...ඒක නම් Abbudin කියන ෆික්ශනල් මැදපෙරදිග රාජ්‍යයක සිද්ධ වෙන සිදුවීම් තමා තියෙන්නේ...

සදාම් හුසේන් ගේ Quotes ටිකක්,

"I know a traitor before he knows himself"
"The law is everything I write on a piece of paper"
"The hand of the revolution can reach out to its enemies wherever they are found"
"If I die,you will not find a finger left of me,and you will all die with me"

                      -Saddam Hussein-


📌4/5

Peace Out!
#VladTepes


2018-09-30

Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)