Vice Principals (2016-2018)

Vice Principals



                             Comdey | Drama


IMDb 8/10
🍅 Rotten Tomatoes 83%
👍 Google Users 89%


මේක HBO ලගේ කොමඩියක්...HBO ලගේ සීරීස් ගැන නම් කියන්න දෙයක් නෑනෙහ්...මේකත් එහෙම තමා..සිරාම කොමඩියක් 😹 වචන 100ක් ගත්තොත් 40-50ක්ම Fuck,Motherfucker,Shit ඕවා තමා 😂

හැබැයි කුණුහරප නිසාම නෙමෙයි මුන් කරන වැඩත් පට්ටම ආතල් 😹

Six එකේ Rip ත් ඉන්නවා එක ප්‍රධාන චරිතෙකට...හිතාගන්න බෑ ඇක්ශන් ඉදන් කොමඩි වලට මෙහෙම ලස්සනට කෝමද වෙනස් වුණේ කියලා 😊

කොමඩි ආස අය අනිවා බලන්න 😉


***Spoiler Warning***


Story-

North Jackson High School එකේ Vice Principal ලා දෙන්නා තමා Neal Gamby,Lee Russell... මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ගේ බිරිඳ අසනීප වුණ නිසා ඔහු තමන්ගේ තනතුරින් අයින් වෙලා යනවා..ඉතින් මේ හිස් වෙන විදුහල්පති පුටුවට Vice Principals ලා දෙන්නා කෙල පෙරාගෙන ඉන්නේ...

Neal Gamby ගොඩක් සැරපරුෂ තදින් ඉන්න කෙනෙක්...Lee Russell ඊට වඩා ගොඩාක් වෙනස්..හැමෝමත් එක්කම සුභදශීලී[උඩින් විතරයි] හැමෝගෙම කැමැත්ත තියෙන එක්කෙනෙක්..

ඉතින් මේ දෙන්නගේ පුටුවට තරඟේ යන අතරේ පාසල් පරිපාලනයේ ඉහළින් මේ තනතුරට Belinda Brown කියන ගැහැණු කෙනාව එවනවා..

මේකෙන් අර දෙන්නාගේ බලාපොරොත්තු කඩවෙලා යනවා..හොද මූණක් පෙන්නන් ආවට Belinda කියන්නෙත් යටින් ඒ තරම් හොද කෙනෙක් නෙමෙයි..එයා කලින් වැඩ කරපු ඉස්කෝලවල් වල එයාට විරුද්ධ අය සේරම රස්සා වලින් අස් කරලා තියෙනවා කියලා VP ලා දෙන්නා හොයාගන්නවා..

ඉතින් මේ අතරේ මේ දෙන්නා තරහවල් අමතක කරලා සන්ධානගත වෙනවා Belinda ව ඉස්කෝලෙන් එලවන්න ගේමක් ගහන්න...

මුලින්ම කරන්නේ ගිහින් Belinda ගේ ගෙදර ගිනි තියන එක 😹

මේ කතන්දර අස්සේ Neal ට මේ ඉස්කෝලේ Amanda කියන ටීචර් ගැනත් ක්‍රශ් එකක් තියෙනවා 😉 ඒ ගැන අඟවන්න ගිහින් චාටර් කනවා ඇති වෙන්නම 😂

North Jackson Vs Percival වාර්ශික American Football මැච් එකත් ලඟ එනවා..පහුගිය අවුරුදු නවයක්ම පිට පිට එයාලා තමන්ගේ ගෙදරදිම හොඳටම කාලා ඉන්නේ..

මේ අතරේ මේ මැච් එකේ සාම්ප්‍රදායක් වගේ එකක් තියෙනවා..ඒ තමා Percival එකේ කට්ටිය ඇවිත් North Jackson ඉස්කෝලේ වනසලා යනවා...

VP ලා දෙන්නත් මේකෙන් ප්‍රයෝජන අරන් Belinda ට අපහාස වෙන විදියට ඉස්කෝලේ විනාශ කරනවා...

කෝමහරි මැච් එක දවසට කලින් මීටින් එකකදි Belinda හෙන Motivational Speech එකක් දීලා ටීම් එක අප් කරලා ගන්නවා..මේක නිසා මැච් එක North Jackson දිනන මට්ටමට එනවා..

මේ මැච් එක North Jackson පැරදුණොත් Belinda ගේ නාමෙට කැළලක් නිසා VP ලා මේක පරදවන්න තමන්ගෙම ඉස්කෝලේ ටීම් එකේ බීම වලට මත් වෙන ඩ්‍රග්ස් වගයක් කලවම් කරන්න යනවා..මේක කරන්න යන්නේ Lee...ඒත් Neal මේකට අකමැති වෙනවා..කෝමහරි Neal මේක නවත්තනවා 😇 මේක වැරදිලා මුන් දෙන්නවම මත් වෙනවා 😂😂

මේ සිද්ධියෙන් මේ දෙන්නාගේ සන්ධානය බිඳ වැටෙනවා..

Belinda ව එලවන්න මේ දෙන්නා ආය සන්ධානගත වේවිද?

ටික ටික අරමුණ වෙනස් වෙයිද?

ආතල් පිරුණු සීරීස් එකක්...අනිවා බලන්න 😊😋

📌4/5
Peace Out!
#VladTepes

2021-10-04

Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)